ලක් විස්කම්
  • Home
  • King Ravana
    • Research
    • Documentary
    • Video Documentary
    • Picture Collection
    • External Links
  • Trip Reports
  • Lanka History
    • History Research
    • History Photo
  • Gallery
    • Video
    • Photo
  • Feedback
  • Contact Us
Picture
පන්නිපිටිය දෙව්රම් වෙහෙර මහා රාවණා පෙරහැර මංගල්‍යය
29 සැප්තැම්බර් 2013

"හෙළයට පණ දුන් සිංහල ජාතියේ පියා සමරන" ශ්‍රී ලංකේෂ්වර මහා රාවණ පෙරහැර පන්නිපිටිය දෙව්රම් වෙහෙරේදී ප්‍රථම වතාවට ඊයේ 28 ඉතාමත් විචිත්‍ර අන්දමින් මහා සංඝරත්නයේ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම පෙරහැර පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති පුජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අදහසකි. උන්වහන්සේගේ විසින් රචිත "ශ්‍රී ලංකේෂ්වර මහා රවණා" පොත අමුත්තන්ට පිළිගැන්වීමද මෙහිදී සිදු විය. ශ්‍රී ලංකාව පාලනය කල හෙළ රජදරුවන් දස දෙනෙකු සිහි කර සැප්තැම්බර් 19 සිට පෙරහැර, නාට්‍ය, ශාන්ති කර්ම, වැඩමුළු ආදී අංග ගණනාවක් විහාරස්ථානයේදී පැවැත්විනි. බොල්තුඹේ දේවාලයට තරමක් කිට්ටු ආකාරයෙන් නිර්මාණය කල රාවන මන්දිරයක්ද මෙම විහාරස්ථානයේ අලුතින් ඉදි කර ඇත. අලි ඇතුන් ඉතා විශාල ප්‍රමාණයක් හා පාරම්පාරික නැටුම් ආදියෙන් පැය එකහමාරක් දිවෙන අංග සහිත පෙරහැර රාවනා යුගයේ තිබුණා යයි සැලකෙන ඇදුම් ආයිත්තන් වලින් ශිල්පීන් හා අලි ඇතුන් සරසා තිබුණි. රාවනා යුද්ධය සදහා භාවිතා කල ආයුධ බෙර ආදියද මෙහිදී ශිල්පීන් විසින් නිරූපණය කර ලදී. රාවනා ගේ විශාල ප්‍රමාණයේ දඩුමොනර යන්ත්‍රයේ ආකෘතියක් හා රාවනා රථයද එහි ගමන් කල අතර එය ඇදගෙන ලැබුයේ රාවනා අඩවියෙන් (ඌව සබරගමු) ලබාගත් විශාල වේවැලක් ආධාරයෙනි. අංගම් සටන් කරුවන් ද දස්කම් දක්වමින් පෙරහරේ ගමන් කරන ලදී. ඔවුන් පසු පසින් අශ්ව රථයක් මත මහා රාවන රජතුමා ගේ පිළිරුවක් රැගෙන ගියහ. අංගම් ශිල්පීන් එතුණු කඩුව, හෙළ කඩු, මුගුර, හෙල්ල, යෂ්ටි, කිනිසි, කෙටේරිය, යගදාව, ආදියෙන් දස්කම් දක්වමින් ඒවා ප්‍රර්ශනය කරමින් ගමන් කළහ. මෙම අවස්ථාවට ශ්‍රීපාදස්ථානධිපති බෙංගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්න හිමි, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, ආර්. පී. සුරියප්පෙරුම, තායිලන්තයෙන් වැඩම කල භික්ෂූන් වහන්සේලා, වැදි නායක උරුවරිගයේ වන්නිලෑ ඇත්තෝ ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. අද රාත්‍රී ගිනි පෑගීමෙන් හා හෙට අලුයම ශ්‍රී රාවණ රාජ නානුමුර මංගල්‍ය හා ප්‍රදර්ශන පූජාවෙන් පසු මෙම රාවන මංගල්‍යය අවසන් වේ.

 පෙරහැරේ වීඩියෝ දර්ශන මෙතනින් බලන්න

 පෙරහැරේ ජායාරූප මෙතනින් බලන්න

නිශාන් කුළසිංහ විසිනි




























Powered by Create your own unique website with customizable templates.